කළුතර -
කළුතර පොලිස් විද්‍යාලයේ ‘වේරියන්‘ අශ්වයා සෙනසුරාදා රාත්‍රියේ රෝගාතුරවී මිය ගිය බව පොලිසිය කියයි. 2006 වසරේදී නෙදර්ලන්තයේ සිට මෙරටට ගෙන්වූ මෙම අශ්වයා අඩි 5 අඟල් 8 උසැති බවත් අවසන්වරට පසුගිය 12 වැනිදා විසිර යාමේ පෙළපාළියකකට සහභාගීවූ බවත් කියති.
අශ්වයාගේ සිරුර සංරක්ෂණය කර පොලිස් කෞතුකාගාරයේ තැන්පත් කිරීමට බලාපොරොත්තුවන බවද පොලිසිය කියයි.
බොරලැස්ගමුව -
බොරලැස්ගමුව වේරහැරදී අවමංගල්‍ය රථයක ගැටීමෙන් අවුරුදු 71ක දෙදරු පියෙක් මියගිය බව පොලිසිය කියයි.
ගලෙන්බිඳුණුවැව-
ගලෙන්බිඳුණුවැව යකල්ලේ දී යතුරුපැදියක් කැබ් රථයක ගැටීමෙන් යතුරුපැදියේ ගමන්ගත් 30 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


