පොලිස් පොතෙන්


පේරාදෙණිය -

පේරාදෙණිය, නානුඔය දුම්රිය හරස් මග අසලදී ලොරි රථයක යතුරු පැදියේ හැඬලය පැටලීම නිසා ලොරි රථයටම යටවී යතුරුපැදිකරු (26) මියගොස් ඇතැයි පේරාදෙණිය පොලිසිය පවසයි.

පොත්තපිටිය යටිගම්මන පදිංචි රුක්මාල් සේනානායක ඊරියගම සිය සේවා ස්ථානයට යමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇත.

CIMG4871 CIMG4873 CIMG4874 CIMG4877 CIMG4879

ඡායාරූප - චමිල් රූපසිංහ

කහතුඩුව - 

මහමග ගමන් ගන්නා කාන්තාවන්ට පහරදී රන් මාල කොල්ලකෑ පුද්ගලයින් 2ක් කහතුඩුවේදී හා ගොඩගමදී  රුපියල් ලක්ෂ 5කට අධික රන් මාල 10ක් සමග අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

හෝමාගම -

හෝමාගම නිවසකට අද (4) අලුයම ඇතුළුවූ පිරිසක් එහි සිටි පුද්ගලයකු කපා කොටා රන්මාලයක්, අත් පළඳනාවක් ඇතුළු රන් අභරණද පැහැරගෙන ඇතැයිද එහෙත් එය කර ඇත්තේ වෙනත් සිද්ධියක් සඳහා විය හැකි යැයිද පොලිසිය කියයි.