නාවික හමුදා මූලස්ථානයට අයත් කැබ් රථයක් පිළියන්දල, මහරගම පාරේ අලුත් පාර අසලදී උඩුකුරුව පෙරළී යාමෙන් කැබ් රථයට බරපතල හානි සිදුවී ඇතැයිද රියදුරු මත්පැන් කර සිටි බවට පරීක්ෂණවලදී හෙළිවී ඇතැයිද පොලිසිය කියයි.
පානදුර පමුණුගමදී වෑන් රථයක් සහ ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටීමෙන් ත්‍රී රෝද රථයේ රියදුරු හා වෑන් රථයේ සිව්දෙනෙක් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
රත්නපුර අවමගුලකට සහභාගීවී පැමිණෙමින් තිබූ වෑන් රථයට පිටුපසින් පැමිණි ත්‍රී රෝද රථය ගැටීමෙන් අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.






