(ඩී.ජී.සුගතපාල)
දික්වැල්ල පොලිසියේ පාලන අංශයේ තිබූ මුදල් කුවිතාන්සි පොත හා මුද්‍රිත පොලිස් නිශ්කාෂණ වාර්තා පෝරම 20ක් වෙනත් පුද්ගලයින්ට ලබාදිම සම්බන්ධයෙන් දික්වැල්ල පොලිසියේ පාලන අංශයේ කොස්තාපල්වරයෙකු අත් අඩංගුවට ගෙන එහි තවත් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කරතිබේ.
එයට අමතරව එම ලේඛන කූඨ ලේඛන ලෙස භාවිතාකරන ලද පුද්ගලයින් දෙදෙනකුද අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම මුදල් කුවිතාන්සි පොත සහ මුද්‍රිත නිශ්කාෂණ වාර්තා පෝරම නැතිවිම සම්බන්ධයෙන් මාතර පොලිස් අධිකාරිවරයා විසින් කරන ලද පරික්ෂණයකින් පසු මෙම අත් අඩංගුවට ගැනිම සහ වැඩ තහනම් කිරිම සිදුකර ඇත
අත් අඩංගුවට ගන්නා ලද කොස්තාපල්වරයා ඇතුලු සැකකරුවන් අද (21) මාතර මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණ.