පොලිස් නිශ්කාෂන වාර්තා සති දෙකක් විද්‍යුත් තැපෑලෙන් පමණයි


(ඉන්දිකා රාමනායක)
රටේ උද්ගත වී ඇති තත්ත්වය හමුවේ  පොලිස් නිශ්කාෂන වාර්තා ලබා ගැනීම සදහා   අයදුම්පත්  බාර ගැනීම  කටයුතු සති දෙකක පුරා අත්හිටුවා  ඇතැයි නීති කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පති    අජිත් රෝහණ මහතා පැවසීය.
 
එම කාලය තුළ විද්‍යුත්  තැපෑල ඔස්සේ පමණක් අයදුම්පත්  බාර ගැනීම සිදුකරන බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
 
අයදුම්පත් බාර දීමේ  කටයුතු සදහා විශාල පිරිසක් දින පතා මෙම ස්ථානය එක්රැස් වන බැවින්  රටේ උත්ගත වී ඇති තත්ත්වය   හමුවේ මෙම පියවර ගත් බවද  ඒ මහතා කීය.
 

මෙම සති දෙකක කාලය තුළ www.police.lk වෙබ්  අඩවියට පිවිසීමෙන්  ඇයදුම්පත්  යොමුකළ හැකි බවද  අජිත් රෝහණ මහතා කියා වැඩිදුරටක් කියා සිටියේය.