අමල් වික්‍රමරත්න
පොලිස් නිශ්කාශන වාර්තා ලබා ගැනීමේදී අය කරන මුදල නොවැම්බර් මස 05 වනදා සිට වැඩි කිරීමට අනුමැතිය ලබී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
විදේශගත වීමට බලාපොරොත්තු වන සහ විදේශ ගතවී සිටින අයට ඉතා වැදගත් ලේඛනයක් වශයෙන් පොලිස් නිශ්කාශන වාර්තාව සැලකේ.
නව ගාස්තු ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවේ සිට අයදුම් කර ලංකාවේ ලිපිනයකට තැපැල් කිරීමේදී අය කරන නව ගාස්තුව රුපියල් 1000 කි.දැනට ඒ සඳහා අය කරන මුදල රුපියල් 500කි.
ලංකාවේ සිට අයදුම්කර පිටරටක ලිපිනයකට තැපැල් කිරීමේදී සහ ලංකාවේ සිට හෝ විදේශයක සිට අන්තර්ජාලය හරහා අයදුම් කිරීමේදී අයකරන නව මුදල රුපියල් 1500 කි.
නිශ්කාෂණ වාර්තා ලබා ගැනීමට මසකට 6000 ඉල්ලුම් කරන බවද වාර්තාවේ.

