(නිමන්ති රණසිංහ)
සියලූම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවංගු කිරීමේ කාලසීමාව මැයි මස 15 වැනිදා තෙක් දීර්ඝ කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසහ සදහන් කරයි.
කොරෝනා ව්‍යාප්තියත් සමඟ රට තුළ ඇතිවූ ව්‍යයසනකාරී තත්ත්වය හේතුවෙන් පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවංගු කිරීම සිදුවූයේ ඉකුත් මාර්තු මස 27 වැනිදා බවත්, එය, අපේ‍්‍රල් මස 30 දක්වා අවංලගු කළ බවත් එම කොට්ඨාසය පවසයි.
කෙසේ වෙතත්, වයිසරස් තත්ත්වය පැතිරීම පාලනය කිරීම පිළිබදව සැලකිල්ලට ගනිමින් මෙලෙස නිවාඩු අවලංගු කිරීම ලබන මැයි මස 15 වැනිදා තෙක් දීර්ඝ කර ඇතැයි ද මාධ්‍ය කොට්ඨාසය පවසයි.
පොලිස් නිලධාරීන් නිවාඩු ලබාගැනීම් හේතුවෙන් දිස්ති‍්‍රක්කයෙන් දිස්ති‍්‍රක්කයට සංක‍්‍රමණය වීමට ඇති අවස්ථාවන් ද සලකා බලා මෙම තීරණයට එළැඹ ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සදහන් කරයි.

