(රංජන් කස්තුරි)
දැනට සේවයේ නිරතව සිටින ආරක්ෂක අංශවලට අයත් කිසිඳු නිලධාරියෙකු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට ඉදිරිපත් නොකරන අතර එම සියලු දෙනා පිළිබඳව වගකීම තමා බාර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ.
පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ මාසිකව පැවැත්වෙන රැස්වීම අද (07) පස්වරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේදී පැවැති අතර එහිදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.
පාර්ලිමේන්තු කාරක සභාවක් විසින් බුද්ධි අංශ නිලධාරීන් ගෙන්වා රාජ්‍ය බුද්ධි තොරතුරු මාධ්‍ය ඉදිරියේ අනාවරණය කරවීම තමා කිසිසේත් අනුමත නොකරන බවද එහිදී ජනාධිපතිවරයා කියා තිබේ.
අපේ‍්‍රල් 21 වන දා සිදුවීමට අදාළ නඩු 05ක් මේ වන විට ශ්‍රේෂ්ඨාකරණයේ විභාගයට ගැනෙමින් පවතින අතර, එවන් අවස්ථාවක තේරිම් කාරක සභාවත් පත්කර කටයුතු කිරීම, එම ශ්‍රේෂ්ඨාධිකරණ කි‍්‍රයාවලියට අහිතකර තත්ත්වයක් බව නීතිපතිවරයා තමා වෙත ලිඛිතව දන්වා තිබෙන බවත්, ජනාධිපතිවරයා ලෙස තමා එය කථානායකවරයාට ඉදිරිපත් කර තිබෙන අතර, ජනාධිපතිවරයා විසින් යොමු කරන එවන් ලිපි ලේඛන පාර්ලිමේන්තුව ආරම්භයේ දී සාම්ප‍්‍රදායානුකූළව කතානායකවරයා විසින් ඉදිරිපත් කළ යුතුව ඇති නමුත්, කථානායකවරයා ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේ කිසිදු ප‍්‍රකාශයක් සිදු නොකිරීම පිළිබඳ තමා කනගාටුවන බව ද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.
පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ උසස්වීම්වලට අදාල ව සකස් කර තිබෙන වැඩපිළිවෙළ පිළිබඳව ද එහිදී අවධානය යොමු කෙරුණු අතර, එම උසස්වීම්වලට අදාළව යොමු කළ යෝජනාවලිය පොලිස් කොමිසම විසින් අනුමත කිරීමෙන් අනතුරව මේ වන විට වැටුප් කොමිසම වෙත යොමු කර තිබෙන බවද, ඔවුන්ගේ ද අනුමැතිය යටතේ හැකි ඉක්මණින් කාණ්ඩ 03ක් යටතේ එම උසස්වීම ලබාදීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා කියා තිබේ.
විශේෂ කාර්ය බලකායට නව භටයන් බඳවා ගැනීමට අවශ්‍ය අනුමැතිය සහ අවි ආයුධ ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කඩිනම් කිරීම පිළිබඳව ද සාකච්ඡා වූ අතර, විෂ මත්ද්‍රව්‍ය මැඩැලීම වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළේ ප‍්‍රගතිය ද එහිදී සමාලෝචනය කර ඇත.
21 වනදා ත‍්‍රස්ත ප‍්‍රහාරයට අදාළ මෙහෙයුම්වල දී ජීවිතක්ෂයට පත් වූ පොලිස් නිලධාරින්ගේ පවුල්වලට රුපියල් ලක්ෂ 25 බැගින් මුදල් ප‍්‍රදානයන් ලබාදීම ද එහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
එමෙන් ම සයින්දමරුදු ප‍්‍රදේශයේ ත‍්‍රස්තවාදීන් රැදී සිටි ස්ථානය පිළිබඳ දැනුම් දුන් මුස්ලිම් ජාතිකයන් තිදෙනා වෙත ද ලක්ෂ 10 බැගින් මුදල් පරිත්‍යාග කිරීමද එහිදී සිදු කෙරිණි.

