(රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රඹාවැව නාරම්මල මාර්ගයේ කටුමුලුව ප්‍රදේශයේ දී කටුපොත පොලිසියට අයත් ජිප් රථයක් ත්‍රිරෝද රථයක ගැටීමෙන් අද (28) සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනකු මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
මියගොස් ඇත්තේ ත්‍රිරෝද රිය පැදවූ පුද්ගලයා සහ ඔහුගේ නැන්දණිය වන අතර ඔවුහු 40 සහ 65 හැවිරිදි වියේ පසුවෙති.
මොවුන් වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අනුරාධපුරය දක්වා ගමන් කරමින් සිටියදී මෙලෙස අනතුරට ලක්වී තිබේ.
සිද්ධියෙන් ත්‍රිරෝද රථය පැදවූ අයගේ බිරිද සහ වයස අවුරුදු 10 සහ 15 පමණ වූ දරුවන් දෙදෙනා ද බරපතළ තුවාල ලබා කටුපොත ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිපුර ප්‍රතිකාර සදහා කුලියාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබේ.
අනතුරින් මියගිය අයගේ දේහයන් කටුපොත රෝහලේ තැන්පත් කර ඇත.
පොලිස් කොස්තාපල් රියදුරු තුවාල ලබා ඇති අතර ඔහු මේ වන විට අත්අඩංගුවේ පසු වන අතර කුරුණෑගලට ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
පොලිස් ජීප් රථය රඹාවැව දෙස සිට කටුපොත දෙසට ධාවනය කරමින් සිට ඇති අතර වරෙන්තුකරුවෙකු රැගෙන පොලිසියට යමින් සිටියදී අනතුරට පත්ව තිබේ.
ජීප් රථයේ සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකු සහ අල්ලාගත් වරෙන්තුකරු තුවාල ලබා කටුපොත ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.



ඡායාරූප - රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ

