පොලිස් කොමිසමෙන් විශේෂ කමිටු හතක්


 

 

බිඟුන් මේනක ගමගේ සහ තරිඳු ජයවර්ධන 

 

මහජනතාව මුහුණ දෙන මූලික ප්‍රශ්නවලට විසඳුම් දෙමින් පොලිස් දෙපාර්තමේන්තුව වඩා කාර්යක්ෂම කිරීමේ අරමුණෙන් ජාතික පොලිස් කොමිසම යටතේ කමිටු හතක් පත්කර ඇත.

 

මත්ද්‍රව්‍ය, මාර්ග නීති, සංවිධානාත්මක අපරාධ, කාන්තාවන්ට හා ළමයින්ට එරෙහි අපරාධ, සංචාරක පොලිසිය යනාදී වශයෙන් පත්කර ඇති මෙම ස්ථාවර කමිටු ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයන් හත් දෙනා යටතේ රැස්වන්නේ යැයි එහි සභාපති පී.එච්. මනතුංග මහතා පැවැසීය.

 

මෙම විෂයවලට අදාළ අමාත්‍යංශ හා රාජ්‍ය ආයතන ප්‍රධානීන් ද සම්බන්ධ කරගෙන හඳුනාගත් මූලික ප්‍රශ්න අධ්‍යයනය කිරීමක් මෙමගින් සිදුවන්නේ යැයි කී හෙතෙම ඉන්පසුව ඒවාට අදාළ විසඳුම් සාකච්ඡා කරන්නේ යැයි ද කීවේය.

 

ඉන්පසුව එම විසඳුම් නිර්දේශ ආකාරයට පොලිස්පතිවරයාට යොමු කරන්නේ යැයි ද මනතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේය.