පොලිස් කොමිසමට නව සාමාජිකයන් දෙන්නෙක්


ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ රැස්වූ ව්‍යවස්ථා සභාවේදී තිලක් කොල්ලුරේ සහ ෆ්‍රෑන්ක් ද සිල්වා යන මහත්වරු පොලිස් කොමිසමේ නව සාමාජිකයන් ලෙස පත් කරනු ලැබීය.

පොලිස් කොමිසමට සාමාජිකයන් 7 දෙනකු පත් කැරෙන අතර පසුගියදා එහි සාමාජිකයන් 5 දෙනකු පත් කළ අතර කොමිසමේ සභාපති ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරි හෙට්ටිගේ මහතා පත් කරනු ලැබ සිටී. 

ඇන්ටන් ජෙයනාදන්, සාවිත්‍රි විජේසේකර, එම්. සුවායිර් සහ එම්.පී.එච්.මනතුංග සෙසු සාමාජිකයෝ වෙති.