පොලිස් කාන්තාවට අයුතු බලපෑම් කළ අය අත්අඩංගුවේ


( පුෂ්පකුමාර මල්ලවආරච්චි )

රාජකාරියට යමින් සිටි පොලිස් කාන්තාවකට අයුතු බලපෑම් කර බලහත්කාරකමක් කිරීමට තැත්කළ බව කියන පුද්ගලයකු අද (9) සැකපිට අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි.
 
එම පොලිස් කාන්තාව රාජකාරියට යමින් සිටියදී කල්එළිය නගරයේදී මෝටර් රථයකින් පැමිණි බව කියන සැකකරු ඇයට මෝටර් රියට නැගීමට කතා කර ඇති බවත් එය ප‍්‍රතික්ෂේප කිරීමෙන් පසු ඇයව අතින් ඇද රියට නංවා ගැනීමට උත්සාහ ගෙන ඇතැයි පොලිසිය කියයි.