පොලිස් කකුළුවා හරහට යයි


මෙය පිටකොටුවේ වූ සිදුවීමකි. පොලිසිය දඩ කොලයක් ලියයි. යතුරුපැදියේ ආ තරුණයා කෑ ගසමින් පවසන්නේ තමන් වරදක් නොකළ බවයි. එක් පැත්තකට පමණක් වාහන ධාවනය කිරීමට අවසර ඇති මාර්ගයක වාහනය ධාවනය කළ නොහැකි දෙසට තමන් යතුරුපැදිය තල්ලුකරගෙන ආ බව එම තරුණයා කියයි.

ඔහු තවදුරටත් පවසන්නේ වැරදි පැත්තට යතුරුපැදිය ධාවනය කරමින් ආ පොලිසිය වරදක් කළ බවයි. තමන් සතුව සියලු බලපත්‍ර හා ලියකියවිලි ඇති බවත් පොලිසිය අනවශ්‍ය පරිදි දඩකොළ ලියන බවත් මේ තරුණයා කෑ ගසමින් කියයි. නීතිය කාටත් පොදුය. රටේ පවතින නීතිය කඩ කිරීම වරදකි. එය සාමාන්‍ය මිනිසුන්ට සේම පොලිසියටත් එක හා සමාන විය යුතුය.