පොලිස් ආරක්ෂක මැරූ හතරක් ගස්


2002 ජුනි 14 වැනි දා බඩල්කුඹුර බුත්තල පාර වෙහෙරගොඩ දී අත් බෝම්බයක් පුපුරවා හැර පොලිස් ආරක්ෂක සහායක එස් ජයසිංහ මරා, තවත් තිදෙනකු අංගවිකල කළැයි අලංකාර දේවගේ ප්‍රසන්න දිසානායක, අලංකාර දේවගේ රොෂාන් දිසානායක, කෝනාර මුදියන්සේලාගේ හේමන්ත ධම්මික කුමාර සහ රණසිංහ ආරච්චිගේ චමින්ද පුෂ්පකුමාර හට මොනරාගල මහාධිකරණය අද මරණදඬුවම නියම කළේය.