පොලිස් ආබාධිත රණවිරු සංගම් ලේකම් - සභාපති රිමාන්ඩ්


මනෝප්‍රිය ගුණසේකර
 
අයුතු ජනරාශියක සමාජිකයින් ලෙස කටයුතු කරමින් විශ‍්‍රාම වැටුප් දෙපාර්තමෙන්තුවේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළැයි නියමින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පොලිස් ආබාධිත රණවිරුවන්ගේ සංගමයේ සභාපතිවරයා සහ ලේකම්වරයා ලබන 06 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස  කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
 
මෙලෙස සැකපිට රිමාන්ඞ් බාරයට පත් කරන ලද්දේ පොලිස් ආබාධිත රණවිරුවන්ගේ සංගමයේ සභාපති අසේල බණ්ඩාර සහ එම සංගමයේ ලේකම් ජගත් විජේසිංහ නමැත්තන්ය.