පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව අත්අඩංගුවට


ඉන්දිකා රාමනායක

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන්  පිරිසක් 2012 වසරේ දී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ පොලිස්  පරීක්ෂක නියෝමාල්  රංගජීව මහතා අද (28) පස්වරුවේ රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

ප‍්‍රකාශයක් ලබා ගැනීම සඳහා රංගජීව මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුව වෙත කැඳවා තිබිණි.

අත්අඩංගුවට ගත් පොලිස් පරීක්ෂක රංගජීව හෙට (29) කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.