කළුතර කටුකුරුන්දේ අබාධිත හා වැඩිහිටි නිවාසයකට මහ රෑ පැන ආබාධිත දැරියකගේ ජංගම දුරකථනය හා ටැබ් පරිගණකය සොරාගෙන යද්දී පොලු පහරක්ද කා පැන ගිය බව කියන හොරා සොයා පොලිස් සුනඛ ග්‍රේරෝ කිලෝ මීටර් 2ක් ගියේය.
ඉව ඔස්සේ ගෙදරකට ගිය ග්‍රේරෝගේ ඔත්තුව අනුව දෙමාසයකට පෙර හිරෙන් නිදහස් වී ආ පුද්ගලයකු එම ගෙදර සිටි බව සොයාගෙන ඇත. ඔහු ඒ අවස්ථාවේ නිවසේ සිට නැති බවත් පොලිසිය කියයි.
ඔහු අත් අඩංගුවට ගැනීමට නියමිතය.

