(රංජන් කස්තුරි)
වෙළෙඳපොළට නිකුත් කරන පොල්තෙල් රසායනාගාර පරීක්ෂාවකට ලක් කර ඒවායේ ප්‍රමිතිය පිළිබඳව තහවුරු කර ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති එච් කේ උදය රූපසිංහ මහතා පැවසීය.
රසායනාගාර පරීක්ෂාවෙන් පසුව ප්‍රමිතියෙන් යුත් පොල්තෙල්වලට ඒ බව සනාථ ලේබලයක් ඇලවිමට කටයුතු කරන බවද සභාපතිවරයා පැවසීය.
ඇතැම් පුද්ගලයින් දේවාල හා පන්සල් වලින් ඉවත් කරන දින ගණනක් පරණ වු අපිරිසිදු පොල්තෙල් විවිධ කෑම වර්ග සෑදීම සඳහා ඇතැම් නිෂ්පාදකයින් භාවිත කරන බවට පැමිණිලි ලැබී ඇතැයිද ඔහු සඳහන් කළෞය.
යමි පුද්ගලයකුට තමන් භාවිත කරන පොල්තෙල් හි පිරිසිදු භිවය පිළිබඳව සැකයක් පවතිනම් නාරාහේන්පිට පොල් සංවර්ධන මණ්ඩලයේ ස්ථාපිත රසායනාගාරයෙන් තත්ව පරීක්ෂාවක් කර ගත හැකි බවද අපිරිසිදු පොල්තෙල් නිෂ්පාදනය කරන ස්ථාන පිළිබඳව පොල් සංවර්ධන අධිකාරියේ වැටලීම් අංශයේ 011-2502501 /3 යන දුරකතන අංකයට දැනුම් දෙන්නැයි සභාපතිවරයා පවසයි.

