
(මොහොමඩ් ආසික්)
මධ්‍යම කඳුකරය පුරා ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාමෙන් පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි හතර බැගින් මේ වන විට විවෘත කර තිබේ.
පොල්ගොල්ල ජලාශය භාර ඉංජිනේරු කාර්යාලය ප්‍රකාශ කළේ, පොල්ගොල්ල ජලාශයේ හැරවුම් වේල්ල මගින් උකුවෙල බෝවතැන්න ජල විදුලි බලාගාරය වෙත යවනු ලබන ජල ප්‍රමාණය 50% කින් අඩු කර එම ජලයද ගඟ දිගේ වික්ටෝරියා ජලාශය වෙත මුදා හරින බවයි.
මේ හේතුව නිසා මහවැලි ගඟේ ජල මට්ටම තව දුරටත් ඉහළ යන බැවින් කිසිඳු හේතුවෙක් නිසා ගඟට බැසීමෙන් වළකින ලෙසත් සතුන් ගඟට දැමීම නොකරන ලෙසත් දරුවන් දිය නෑමට හෝ වෙනත් කිසිදු හේතුවකට ගඟට නොයවන ලෙසත් ඉංජිනේරු කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
අද 07 වනදා උදේ වන විට පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි හතර බැගින් විවෘත කර තිබූ අතර එමගින් තත්පරයකට ඝණ අඩි 2100 ක ජල ධාරිතාවක් වික්ටෝරියා ජලාශය වෙත මුදා හරිමින් ඇති බවත් සවස් වන විටමෙම ජල ප්‍රමාණය ඉහළ යාමට හැකි බැවින් ජනතාව වඩාත් අවදියෙන් සිටිය යුතු බවත් ඉංජිනේරු කාර්යාලය ඉල්ලා සිටියි.


