පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි?


(යොහාන් භාසුර)

පොල් සංවර්ධන අධිකාරියේ සභාපති කීර්ති ශ්‍රී වීරසිංහ මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

ඒ මහතා ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයාට අද පස්වරුවේ යොමුකිරීමට නියමිතය.

හිටපු රජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයක සිසුන්ට පහරදීමට ගියේ යැයි කියන සිද්ධියට පොල් සංවර්ධන මණ්ඩලයේ වාහනයක් සහ රියදුරෙක් සම්බන්ධ බවට නැගෙන චෝදනාවට ප්‍රතිචාර දක්වමින් වීරසිංහ මහතා මෙසේ ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.