පොල් මණ්ඩල රැකවලා පොල් බූරු වැඩක් කරයි


පොල් සංවර්ධන මණ්ඩල කාර්යාලයයේ තිබූ රුපියල් හත් ලක්ෂයකට අධික වටිනාකමක් ඇති පරිගණක සහ පරිගණක උපාංග සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි ආරක්ෂක නිලධාරියකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකරු මීට සති තුනකට පෙර රාත්‍රී කාලයේ එහි කාර්යාලයට ඇතුළු වී පරිගණක හයක් සහ උපාංග සොරා ගෙන ත්‍රිරෝද රථයක පටවාගෙන රැගෙන ගොස් ඇති බවද පොලිසිය කියයි.

DSC_8828 DSC_8853