පොල් තෙල් නිෂ්පාදනය ගැන අප නොදත් දෙයක්


(යොහාන් භාසුර)

දේශීය පොල්තෙල් නිෂ්පාදන ආයතන හතක් පමණක් පොල් සංවර්ධන අධිකාරියේ ප‍්‍රමිත ලාංඡනය ලබා ඇති බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.

පොල් සංවර්ධන අධිකාරිය නිකුත්කර ඇති ‘තරු’ සළකුණු පහකින් යුත් එම ප‍්‍රමිති ලාංඡනය පොල්තෙල් බෝතලයේ ප‍්‍රදර්ශනය කළ යුතු බවත් එම ලාංඡනය බුද්ධිමය දේපල කාර්යංශයේ ද ලියාපදිංචි විය යුතු බවත් එම නිලධාරියා පැවසීය.

දීර්ඝ ක‍්‍රියාවලියකින් සමන්විත මෙම විශේෂ ප‍්‍රමිති ලාංඡන ව්‍යාපෘතිය 2018 වසරේ ආරම්භ කළ ද, පසුගිය වසරේ (2020) සැප්තැම්බර් මස නිෂ්පාදකයන් හත්දෙනකුට පමණක් ලාංඡනය පිරිනැමූ බවත් එම නිලධාරියා කීය.

පොල් සංවර්ධන අධිකාරියේ සැකසුම් සංවර්ධන නිලධාරිනී නිශාන්ති දිසානායක මහත්මිය පැවසුවේ මෙම ප‍්‍රමිති ලාංඡනය ලබාදීමේදී ප‍්‍රධාන වශයෙන් ප්‍රමිතීන් තුනක් ඇතුළු කරුණු පහක් පිළඳව අවදානය යොමු කරන බවයි.