
(අංජුල මහික වීරරත්න)
පොල් හා තැඹිළි වගාවේ ව්‍යාප්ත වෙමින් පවතින සුදුමැස්සා, පොල් කුරුමිණියා හා රතු කුරුමිණියා නැමැති කෘමි උවදුර පාලනය සඳහා මාසයක කාලයක දී කඩිනම් ඒකාබද්ධ පළිබෝධ පාලන වැඩසටහනක් අරඹන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ නිලධාරීන්ට අද (11)දා උපදෙස් දුන්නේය.
සුදු මැස්සාගෙන් හා අනෙකුත් කෘමින්ගෙන් පොල් වගාවට සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා පොල් සංවර්ධන අධිකාරිය, පොල් වගා කිරීමේ මණ්ඩලය හා පොල් පර්යේෂණ ආයතනය එක්ව ඒකාබද්ධ වැඩ සටහනක් මාසයක් ඇතුලත අරඹන්නැයි ද ඒ සඳහා වැය වන මුදල් පොල් සංවර්ධන අධිකාරිය මගින් ලබා දෙන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
පාර්ලිමේන්තු කමිටු අංක ශාලාවේ දී පැවැති කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ උපදේශක කාරක සභාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

