පොන්සේකාට අදත් ප්‍රතිකාර
උරහිසේ හා දනහිසේ අබාධයකට භෞතික චිකිත්සක ප්‍රතිකාර ගැනීම සඳහා හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා වැලිකඩ හිරගෙදර සිට අදත් කොළඹ නවලෝක රෝහලට රැගෙන ආ බව ඔහුගේ බිරිය අනෝමා පොන්සේකා කීවාය. තම සැමියා වෙනුවෙන් ජනපතිගෙන් සමාව නොඉල්ලන බව ද ඇය මාධ්‍යට කියා ඇත. මේ අනුව ලබන ජනවාරියේ දී ඔහුට සමාව ලැබීම අඩමාන බව දැනගන්නට ඇත. සමාව ඉල්ලා පවුලේ සාමාජිකයන් ඉල්ලීමක් කළහොත් සලකා බලන බව මහින්ද රාජපක්ෂ ජනපති පුවත්පත් කතුවරුන් සමග පැවැසීය.

