පොන්සේකාගේ පෙත්සමක් විභාගයට


සිය පාර්ලිමේන්තු මන්ත‍්‍රි ධුරය අහිමි කිරීමට එරෙහිව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ නායක හා හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා විසින් ගොනු කැරුණු පෙත්සම විභාග කිරීම සඳහා අභියාචනාධිකරණය අද (3) දින නියම කෙළේය. එම පෙත්සම නොවැම්බර් 25 වැනි දා විභාග කරන බවත් එදිනට පෙත්සම්කාර හා වගඋත්තරකාර පාර්ශවයන්ට අධිකරණය ඉදිරියේ කරුණු දක්වන ලෙස අභියචණාධිකරණ විනිසුරුවරුන් වන ඒ ඩබ්ලිව් ඒ සලාම්, සහ උපාලි අබේරත්න යන මහත්වරු නියෝග කළහ.