පොන්සේකා තුන් වසරක් හිරේ
හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා සුදුකොඩි නඩුවෙන් වැරැදිකරු ලෙස මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය බෙදුණු තීන්දුවකින් ප්‍රකාශ කෙළේය. ත්‍රි පුද්ගල විනිසුරු මණ්ඩලයේ සභාපති දීපාලි විජේසුන්දර මහත්මිය හා ඒ ඉෂෙඩ් රෂික් විනිසුරුවරු ඔහු පළමු චෝදනාවට පමණක් වරදකරු කළ අතර ඩබ්ලිව්.එම්.ටී.බී. වරාවැව මහතා ඔහු සියලු චෝදනා වලින් නිදහස් කෙළේය. යුද්ධයේ අවසන් දිනවල සුදුකොඩි රැගෙන එන කොටි නායකයනට වෙඩි තබා මරා දමන්නැයි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කීවේ යැයි සන්ඩේ ලීඩර් පුවත්පතේ පළවූ වාර්තාවක් සම්බන්ධයෙන් හිටපු යුද හමුදාපති සරත් පොන්සේකාට එරෙහිව මේ නඩුව පවරා තිබිණි. දෙවැනි තෙවැනි චෝදානා වූයේ රජයට එරෙහිව කුමන්ත්‍රණය කිරීම හා මහජන කැලැඹිලි ඇති කිරීමයි. මුල් චෝදානවට වසර තුනක සිරදඩුවම්ක් ද රුපියල් පන්දහසක දඩයක් ද නියම කළ විනිසුරු දෙපොළ දඩය නොගෙවන්නේ නම් තවත් හය මාසයක සිරදඩුවමක් ද නියම කරන බව කීහ.

