පොදුරාජ්‍ය මණ්ඩලීය පළාත් සමුළුව 2019 ලංකාවේ



 
රංජන් කස්තුරි
 
2019 පොදුරාජ්‍ය මණ්ඩලීය පළාත් පාලන නියෝජිත සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට පොදු රාජ්‍ය මණ්ඩලීය පළාත් පාලන සංසදයේ කාරක සභාව තීරණය කර තිබේ.

ලන්ඩන් නුවරදී ඉකුත් 13 වැනි දා ආරම්භ වු පොදු රාජ්‍ය මණ්ඩලිය පළාත් පාලන නියෝජිතයින්ගේ කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ඇමැති ෆයිසර් මුස්තාෆා  මහතා වෙත දැනුම් දී තිබේ.

ඉකුත් 2017 වසරේදී පොදුරාජ්‍ය මණ්ඩලීය පළාත් පාලන නියෝජිත  සමුළුව මෝල්ටා රාජ්‍යයේදී පැවැත්වු අතර එහිදී මිළඟ නියෝජිත සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සඳහා ඇමැති  ෆයිසර් මුස්තාෆා මහතා යෝජනා කර ඇත.

පොදුරාජ්‍ය මණ්ඩලීය පළාත් පාලන නියෝජිත සමුළුවක් ආසියානු රටක පැවැත්වෙන ප්‍රථම අවස්ථාව වේ.