පොදුජන පෙරමුණේ මංගල රැළිය නොවැ. 12 වැනිදා


(දයාරත්න ඇඹෝගම)
 
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලබන පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් පවත්වන ප්‍රථම මංගල රැළිය නොවැම්බර් 12 වැනි දා  අනුරාධපුරයේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තිරණය කර ඇතයි අනුරාධපුර  දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ  නායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පැවසිය.

අනුරාධපුර මාතලේ හන්දියේ පිහිටි සිය නිවසේ අද (22) පැවති හිටපු පළාත් පාලන නියෝජිතයන්, වෘත්තිය සමිති සාමාජිකයන් ඇතුළු පිරිසක් සඳහා පැවති දැනුවත් කිරීමේ රැස්වීමේදී මෙසේ සඳහන් කළේය.