පොදුජන පෙරමුණ මැයි රැලිය අරඹයි


(රොමේෂ්  ධනුෂ්ක  සිල්වා)

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මැයි රැලිය මීට සුළු  මොහොතකට පෙර  ගාල්ල සමනළ ක්‍රීඩාංගණයේදී ඇරැඹිණි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මතාගේ ප්‍රධානත්වයෙන්  මෙම රැලිය පැවැත්වෙන අතර  මේ අවස්ථාව වන විට  ඒකාබද්ධ  විපක්ෂයේ  සියළු පක්ෂ නායකයින් රැලියට සහභාගී වී සිටිති.

ආණ්ඩුවෙන් ඉවත් වු  ඇමැතිවරු 16 දෙනා  අද (07)  පොදුජන පෙරමුණු රැලියට සහභාගී වෙතියි බොහෝ දෙනා අතර මතයක් පැවැතියද  මේ වන තුරු කිසිදු අයෙක් පැමිණ නැති අතර  ගම්පහ දිස්ත්‍රික්  හිටපු නියෝජ්‍ය ඇමැති පණ්ඩු බණ්ඩාරනායක මහතා පමණක්  මේ වන විට රැලියට සහභාගී සිටී.
අති විශාල ජනකායක්ද සමනල ක්‍රීඩාංගණයට රැස්ව සිටිති.

ඡායාරූප- රවී ලියනගේ