පොදු සමාව ඉල්ලීමට අත්සන් එකතු කරයි


බිඟුන් මේනක ගමගේ (ඡායාරූප - ළහිරු හර්ෂණ) 
 
මනුෂ්‍ය ඝාතනයකට වැරැදිකරු වී මරණ දඬුවම ලබා සිටින යුද හමුදාවේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායකට ජනපති පොදු සමාව ඉල්ලීම ඇතුලුව ඉල්ලීම් තුනක් මුල් කර ගනිමින් අස්සන් එකතු කිරීමක් ජාතික රණවිරු සහයෝගිතා එකමුතුව කොටුව දුම්රිය පොළ ඉදිරියේදී අද(30) ආරම්භ කැරිණි.
 
බැනර හා පෝස්ටර ප්‍රදර්ශනය කරමින් සංවිධායකයෝ මෙහිදී නිහඬ විරෝධතාවයක ද නිරත වූහ.