අගවිනිසුරුට එරෙහි දෝෂාභියෝගය සම්බන්ධයෙන් ඉක්මන් තීරණයක් නොගන්නැයි ද, විසඳුමක් සොයා ගැනීම සඳහා සහාය වීමට ශ්‍රී ලංකාවේ ඉහළම තැන් සමග සාකච්ඡා කළැයි ද පොදු රාජ්‍ය මණ්ඩලීම මහ ලේකම් කමලේෂ් ෂර්මා නිවේදනයක් නිකුත් කරමින් කියයි.
පොදු රාජ්‍ය මණ්ඩලය මේ තත්ත්වය ගැන දැඩි කණස්සල්ල පළ කරන බවත්, අධිකරණය හා ව්‍යවස්ථාදායකය අතර පැණ නැගී ඇති මේ පරස්පර තත්ත්වය ගැන විධායකය ඉක්මන් තීරණ නොගත යුතු බවත් ඔහු අවධාරණය කරයි.

