පොදු රද මඩුලු තෑග්ග එක්නැලිගොඩ පවුලට


ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපති නීතීඥ උපුල් ජයසූරිය මහතාට පොදු රාජ්‍ය මණ්ඩලීය නීතීඥ හා අධ්‍යාපනඥයින්ගේ සංගමයෙන් ලැබුණු ඇමෙරිකා ඩොලර් 5000ක මුදල (රුපියල් හය ලක්ෂ හැට හය දහස් හත්සිය පනහක්) අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතා වෙනුවෙන් ඔහුගේ බිරිඳ සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට අද පිරිනැමිණි.

මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  එම තෑග්ග එක්නැළිගොඩ මහත්මියට බාර දුන්නේය.

කොළඹ අලුත්කඩේ මිහිඳු මාවතේ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ මූලස්ථානයේ දී මෙම උත්සවය පැවැත්විණි.

විනිශ්චයකාරවරු සහ නීතීඥවරු පිරිසක් ද ඊට එක්වූහ.

RDS_0066 RDS_0087 RDS_0101 RDS_0107 RDS_0108 RDS_0116