පොතුහැර දුම්රිය අනතුර සම්බන්ධයෙන් දැයට කිරුළ දුම්රියේ රියදුරු, රියදුරු සහායක හා ප්‍රධාන නියාමකවරයාගේ ද, අනතුර සිදුවන අවස්ථාවේ පොතුහැර දුම්රිය ස්ථානයේ රාජකාරියේ යෙදුණු දුම්රිය ස්ථානාධිපතිවරයකුගේ සහ සංඥාකරුගේ ද වැඩ තහනම් කැර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

