පොත් පත්


සුළු මූල්‍යකරණය - ධර්මබන්දු අතපත්තු

මාතර රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ධර්මබන්දු මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයයෙන් ශාස්ත්‍රවේදී උපාධිය හදාරා ඇත. 1966 වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුවට ඇතුළත්ව වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඒ මහතා ඒ අතරතුර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගණකාධිකරණය හා බැංකුකරණය සම්බන්ධ උපාධිය සම්පූර්ණ කර ඇත.

සුළු මුල්‍යකරණය නැමැති  මෙම ග්‍රන්ථය මෙම විෂය සම්බන්ධව ලියා ඇති  පොතපත විරළ බැවින්  සුවිශේෂත්වයක්  දක්වයි.බෝහෝ දුරට මෙම  පොත ශ්‍රී  ලංකාවේ  මෙම විෂය  සම්බන්ධව  ලියවුණු  එකම පොත විය හැකිය.

පොත ආරම්භයේම සුළු මුල්‍යකරණය යනු “ සාම්ප්‍රදායික බැංකු  ක්‍රමයෙන්  මුල්‍ය පහසුකම්  ලබාගැනිමට  අපොහොසක්  අඩු  ආදායම්   ලාභීන්ට  අවශ්‍ය වු   මුල්‍ය   පහසුකම්  ලෙස  සැලකෙන  කුඩා  ණය, කුඩා ඉතුරුම් , කුඩා  රක්ෂණ, කුඩා  නිවාස ණය, කුඩා  ඉතුරුම්,කුඩා  රක්ෂණ,කුඩා  නිවාස ණය, විදේශගත පවුලේ  ශ්‍රමිකයින්  මෙරටට  එවක විදේශ  මුදල්  මාරුකර   ගැනීම වැනි මුල්‍ය  පහසුකම්  සැපයීම පමණක්   නොව ඊට   වඩා   සදාචාරාත්මක වැදගත්කමක්  ඇති   උදාර   මෙහෙවරක්  වු   සමස්ථ විශ්වයෙන්ම දිළිදුකම තුරන්  කිරිමට   ප්‍රබල ශක්තියක් ඇති  මුළු ලොවම පිළිගත්  මුල්‍ය   ක්‍රමවේදයකි.” යැයි සඳහන්  කෙරේ.ලොව දිළිදුකම දුරුකිරිමට  මොනයම්  ක්‍රමවේදයක්  හෝ   යොදා  ගැනීම විශ්වයම පිළිගත්  සදාචාරාත්මක සංකල්පයකි.

කතුවරයා  තමා  මෙම ක්ෂේත්‍ර යේ  ලබා  ඇති   දහක  ගණනක අත්දැකීම් හා  න්‍යාත්මක කරුණු  පදනම්  කරගෙන ලියා  ඇති   මෙම පොත බැංකුකරුවන්ට , බැංකු කටයුතු  හදාරන ශිෂ්‍යයින්ට  විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ට  සහ දේශකයින්ට ,මුලය  සමාගම්  අයිතිකරුවන්ට  රාජ්‍ය නොවන සංවිධාන වලට  සහ සුළු මුල්‍යකරණයේ  ආයෝජකයන්ට  අප්‍රමාණ දැනුම්  සම්භාරයක්  ඉදිරිපත්  කර  ඇත.

සුළු මුල්‍යකරණය හැදීන්වීම එහි  මුලධර්ම බැංකු  ක්‍රමයේ  මුලාරම්භය ලෝකයේ  සුළු මුල්‍යකරණය ආකෘති , සුළු මුලය  සේවා ,සුළු මුලය   ආකෘති  අනුකරණය, සුළු මුලය  නිෂ්පාදන සහ ඒ  සඳහා   යොදාගන්නා  මුල්‍ය  ක්‍රමවේද සුළු මුල්‍ය  ක්‍රමය තුළින්  ඇතිවිය හැකි  සමාජ  ආර්ථික බලපෑම්  සහ සුළු මුලය  ක්‍රමය සඳහා  අතයාවශ්‍ය  නිති රාමුව පිළිබඳව මෙම පොතෙහි  ප්‍රථම කොටසෙහි  ඉතා   දිර්ඝ වශයෙන්  විස්තර  කර  ඇත.

පොතෙහි  දෙවන කොටස  කැපවි  ඇත්තේ  ශ්‍රී ලංකාවේ සුළු මුලය   කටයුතු   සම්බන්ධවය. එහි   විශේෂයෙන්   රාජ්‍ය සමය , යටත්   විජිත , නිදහසින් පසු   සුළු   මුලය  ක්‍රමය මෙරට  විකාශනය  වු  අයුරු   පැහැදිලි   කර  ඇත. ශ්‍රි  ලංකාවේ   ද්‍රරිද්‍රතාවය  සහ සුළු  මුලයකරණය  ක්‍රියාවලියෙන්   කෙතෙක්   දිළිදුකම   අඩුකර   ඇද්දැයි   සාකච්ඡා කර   ඇත. විශේෂයෙන්  ශ්‍රි ලංකාවේ   රජයේ    මැදිහත්වීම්  ඉතා  ප්‍රබල  ලෙස  දක්නට   ඇති බැව්   දී ඇත.

ජාත්‍යන්තර  වශයෙන්   සුළු මුල්‍යකරණය විවිධ  රාජයනල ව්‍යාප්තව  ඇති   ආකාරයත්   බැංකු  ක්ෂේත්‍රයේ  දක්නට  ඇති   ප්‍රබල තරඟය , ගෝලියකරණය  සහ  නව  තාක්ෂණය   නිසා   වාණිජ  බැංකු   ක්‍රමයෙන්   සුළු  මුල්‍යකරණය  දෙසට  ඇදී   එන  ආකාරය  පැහැදිලි  කර  ඇත.

විශේෂයෙන්    ලෝකයේ  සුප්‍රකට  සුව මුල්‍ය   බැංකුව   වු  බංගලාදේශයේ  ග්‍රමීත්  බැංකුව  පිළිබඳ ඉතා   දිර්ඟ  විස්තරයක්   මෙම පොතෙහි  අඩංගු   අතර   කතුවරයා   ග්‍රමීත්   බැංකුවේ   නිර්මාතා   නොබෙල්   සාම  ත්‍යාගලාභි   මහාචාර්ය  මොහොමඩ්  යුනුෆ්  පෞද්ගලිකව මුණගැසී  අත්දැකීම්  හුවමාරු   කරගත්  තැනැත්තෙකි.

අවසාන  වශයෙන්   මෙම  පෙතෙහි   සුළුමුල්‍යකරණය තුළින්   කාන්තාවන්   සවිබල ගැන්විය යුතු  ආකාරය පිළිබඳව  ද වැදගත්   කරුණු   ඉදිරිපත්   කර  ඇත.   

web

ඔබේ පොතටත් එසැණින් ඉඩ...