ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අනුමැතිය නොමැතිව නීති විරෝධී ලෙස තායිවානයට ගෙන යාමට සුදානම් කර තිබු පන පිටින් පොකිරිස්සන් පෙට්ටි 9ක් කටුනායත ගුවන්තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තයේදී අද අළුයම අත් අඩංගුවට ගත් බව රේගු මාධය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
අත් අඩංගුවට ගත් පෙට්ටි තුළ ජීවී පොකිරිස්සන් 683 ක් සිටි බවත් එහි වටිනාකම රුපියල් දාහතර ලක්ෂ නම දහසක් බවත් රේගුව කියයි. එහි බර කිලෝග්‍රෑම් 140 කි.
කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ මත්ස්‍ය අපනයන සමාගමක් විසින් මෙම ජීවී පොකිරිස්සන් තොගය ආහාරයට සකස් කළ මාළු ලෙස රේගුවට ප්‍රකාශ කර කටුනායක ගුවන් භාණ්ඩ පර්යන්තයට එවා තිබු බව රේගුව කියයි.
මේ පිළිබද රේගු පරික්ෂණය සිදු කළ රේගු ජෛව විවිධත්ව ඒකකයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ආර්.ඩී.ඒ.එම්.ඒ නියරේපොළ මහතා විසින් අදාල මත්ස්‍ය අපනයන සමාගමට රුපියල් ලක්ෂ හතරක් දඩයක් නියම කොට පොකිරිස්සන් තොගය ගැඹුරු මුහුදට මුදා හැරීමට නියෝග කළේය.
මේ පිළිබඳ විමර්ශණ කටයුතු නියෝජ්‍ය රේගු අධිකාරි ජයලාල් ප්‍රනාන්දු, සහකාර රේගු අධිකාරීවරුන් වන අසංක ප්‍රියදර්ශණ, තිලංක සමරවීර, කිත්සිරි අතපත්තු, දමින්ද ජයසිංහ යන නිලධාරීහු සිදු කළහ.

