පේස්බුක් හමුවෙන් නිරුවත් පින්තූරත් ගනී


”පේස්බුක් සමාජ වෙබ් අඩවියෙන් මිත‍්‍ර වු අයකු තමාගේ නිරුවත් පින්තූර පළකරන බවට ජංගම දුරකතනයෙන් තර්ජනය කැර තමාගෙන් අයුතු ප‍්‍රයෝජන ගැනීමට සුදානම් වී යැයි අගලවත්තේ ගුරුවරියක කොළඹ අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කළාය. ඇය විවාහ කැර ගන්නා බව පවසා බම්බලපිටියේ හෝටලයකදි තම නිරුවත් ඡායාරූප ගත් ඔහු ඇගෙන් රුපියල් එකොළොස් දහසක් දෙවරකදී ඉල්ලාගත් බව පොලිසිය කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය කීවේය. එම පුද්ගලයා ඇයට දුන් දුරකතන ඇමතුම් විස්තර ඉදිරිපත් කරන ලෙස මහේස්ත‍්‍රාත් දුරකතන සමාගමට නියෝග කළාය.