පේරාදෙණියෙන් 3714 දෙනෙක් උපාධි ලබති


පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ  මේ වසරේ උපාධි ප්‍රධානෝත්සවය  කුලපති මහාචාර්ය  ඊ ඩබ්ලිව්  ඈපාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්  විශ්ව විද්‍යාලයයේ  ගෘහස්ත  ක්‍රිඩාගාරයේදී අධියර දෙකක් යටතේ පෙරේදා (28) පැවැත්විණි.

පීඨ අටක උපාධිධරයෝ  තුන්දහස් හත්සිය  දා හතර දෙනෙක් උපාධි ලදහ.

පේරාදෙණිය  විශ්ව විද්‍යාලයයේ  උපකුලපති  මහාචාර්ය අතුල සේනාරත්න උපාධි ප්‍රධානෝත්සවයේ සභාපති මහාචාර්ය ඒ එම් නවරත්න බණ්ඩා පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ  ලේඛකාධිකාරී  ආචාර්ය නිශ්ශංක ජයවර්ධන  ඇතුළු  පීඨ අටේ  පිඨාධිපතිවරුන් මෙම අවස්ථාවට සහභාගී වුහ.