පේරාදෙණිය සිසුහු පාරට බසිති


පේරාදෙණිය සරසවියේ ශිෂ්‍ය සංගම් රැසක සිසුහු සරසවිය ඉදිරිපිට මහා පාරට අවුත් උද්ඝෝෂණයක් ඇරැඹූහ. පෞද්ගලික සරසවි පිහිටැවීමට එරෙහිව ඔවුන් එතැන විරෝධය දක්වනුයේ ඔවුන්ගේ පාගමන වැළැකී ගිය හෙයිනි. සර්ටිනා කටුකම්බි රෝල්වලින් ද යකඩ වැටෙන් ද ඉදිරිපස මාර්ගය අවහිර කැර ඇත. සාමය රැකීමට පොලිසියේ අට සියයක් හා යුද හමුදාවේ දෙසීයක් පමණ කැඳවා ඇත.