පේරාදෙණිය සරසවියේ සෙසු පීඨ 20 වැනිදා යළි විවෘතයි


(චමිල් රූපසිංහ)

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය හැර අනික් සියලුම පීඨ 20 වැනිදා විවෘත කරන බවත් ඉංජිනේරු පීඨයේ පීඨාධිපතිගේ හා පීඨ මණ්ඩලයේ ඉල්ලීම මත ඉංජිනේරුපීඨය 27 වන දා විවෘත කරන බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්‍ය උපුල් බී දිසානායක මහතා  පැවසීය.

වෛද්‍ය පීඨය, දන්ත පීඨය සහ කෘෂි පීඨය අද (13) විවෘත කෙරිණි.

මේ සම්බන්දව අදහස් දැක්වු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති මහිල් බණ්ඩාර දෙහිදෙණිය සිසුවා මේ සම්බන්ධයෙන් මෙසේ පැවසීය.

 විශ්ව විද්‍යාලය විවෘත කරන බව කීවත් තවමත් සිසුන්ගේ ඉල්ලීම් සඳහා විසදුම් ලැබී නොමැති අතර  සිසුන් කරන ලද අරගලයට මේ වන විට දින පනහක් සම්පූර්ණ වී ඇති නමුත් සාකච්ඡා පවත්වනවා හැර විසදුම් ලබාදීමට පීඨ පරිපාලනය අසමත්වි ඇති බව මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා  පැවසීය.