පේරාදෙණිය සරසවියේ දෙපිරිසක් ගුටි ඇනගෙන තුනක් රෝහලේ


( චමිල් රූපසිංහ)

පේරාදෙණිය විශ්ව විදයාලයේ සිසුන් දෙපිරිසකගේ ගැටුමකින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පිඨයේ සිසුන් තිදෙනෙකු පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පේරාදෙණිය පොලිසිය පවසයි.

සිද්ධිය ඊයේ රාත්‍රියේදී සිදුවි ඇති බවත් ඉංජිනේරු පීඨයේ සිසුන් හා දන්ත වෛද්‍ය පීඨයේ අතර සිදුවු ගැටුමකින් පහර කෑමෙන් දන්ත වෛද්‍ය පීඨයේ සිසුන් තිදෙනා මෙලෙස රෝහල් ගත කර ඇති බවද පොලිසිය පවසයි.

මේ සම්බන්දව පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සුදුකරනු ලබන බවද පොලිසිය පැවසිය.