පේරාදෙණිය සරසවියේ උපකුලපති ධූරය යළි මහාචාර්ය උපුල් බණ්ඩාර දිසානායකට


(චමිල් රුපසිංහ)

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති මාහාචාර්ය  උපුල් බංඩාර දිසානායක මහතාගේ ධුර කාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වසර 3 ක කාලයක්  දීර්ඝ කර තිබේ.

මහාචාර්ය උපුල් දිසානායක මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ 21 වැනි උපකුලපතිවරයා වේ. මහාචාර්යවරයා වසර 6 ක කාලයක් දන්ත වෛද්‍ය පීඨයේ පීඨාධිපතිවරයා ලෙස ද සේවය කර ඇත.