( චමිල් රූපසිංහ)
පේරාදෙණිය විශ්ව විද්‍යාල්‍ය දින නියමයක් නොමැතිව වසා දැමිමට විශ්ව විද්‍යාල පාලක සභාව තීරණය කර තිබේ.
දැනට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඇතිවි ඇති අර්බුදකාරි තත්වය හේතුවෙන් 2018 ජූනි මස 27 දින අද සිට ක්‍රියාත්මක වන පරිදි පේරාදෙණිය විශ්ව විද්‍යාල සියලු අධ්‍යයන කටයුතු සදහා වසා තැබීමට විශ්ව විද්‍යාල පාලක සභාව විසින් තිරණය කර ඇත.
සියලු විශ්ව විද්‍යාල සිසුන් නේවාසිකාගාර හා විශ්ව විද්‍යාල භුමියෙන් අද (27) පෙරවරු 6.00 ට පෙර ඉවත් විය යුතු බවත් නැවත විශ්ව විද්‍යාලය ආරම්භ කරන දිනය මාධ්‍ය මගින් නිවේදනය කරනු ලබන බවද පාලක සභාව පවසයි.
මෙම කාල සිමාව තුල සිසුන්ට විශ්ව විද්‍යාල පරිශ්‍රයට ඇතුල්විමට තහනම් වන අතර හදිසි අවශ්‍යතාවයකට විශ්ව විද්‍යාල පරිශ්‍රයට ඇතුල්විමට අවශ්‍යනම් එය සදහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ප්‍රධාන විනායාරක්ෂක නිලධාරි හෝ ප්‍රධාන අරක්ෂක නිලධාරියාගේ අවසරය ලබා ගත යුතු බවද පාලක සභාව පවසයි.