(සෙනරත් බණ්ඩාර)
පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට සහ වනජීවී අමාත්‍යවරයාගේ නිරීක්ෂණ සංචාරයට බාධාවක්ව තිබු දෙබර කුඩු බදාදා (24) රාත්‍රීයේදී ඉවත් කෙරිණ.
උද්භිද උද්‍යානයේ තල්ගස් පේලියේ දිරා ගිය අතු එක්කර බැඳ තිබූ මෙම දෙබර කුඩු එහි නිලධාරින්ටද විශාල ගැටළුවක් වී තිබිණ.
නියෝජ්‍ය උද්‍යාන අධ්‍යක්ෂවරිය විසින් ඔගස්ටාවත්ත බිගු සම්පත සුරැකීමේ සංවිධානයෙන් කරන ලද ඉල්ලීමක් මත එම සංවිධානය විසින් දෙබර කුඩු ඉවත් කරනු ලැබීය.
බිගු සම්පත සුරැකීමේ සංවිධානයේ ලේකම් බණ්ඩාර තබවිට , මහින්ද විජේසිංහ යන මහතුන්ගේ මෙහෙයවීමෙන් එහි තාක්ෂණ ශිල්පී නුවන් කීර්ති මහතාගේ නායකත්වයෙන් විදුලි බල මණ්ඩලයෙන් සපයන ලද දොබකරයක අධාරයෙන් අඩි 100ක් පමණ උස තල්ගස් වල තිබු මෙම කූඩූ ඉවත් කෙරිණි.





