සිසු පිරිසකගේ විරෝධය නිසා පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමට මෛත්‍රිපාල සිරිසේන ජනපති අද (20) එහි නොයයි.
කිසිදු දේශපානඥයකුට සරසවියට පැමිණීමට ඉඩ නොතබන බව පවසමින් එහි මහා ශිෂ්‍ය සංගමය අද උදෑසන විරෝධතාවයක නිරත විය.
උපකුලපති හෝ ආචාර්ය මණ්ඩලයේ පිරිස නව ගොඩනැගිල්ල විවෘත කළ යුතු බවත් එයට දේශපාලනඥයින්ට සහභාගීවීමට ඉඩ නොතබන බවත් කියමින් මහා ශිෂ්‍ය සංගමය පේරාදෙණිය ගලහ මංසන්ධියේ විරෝධයක යෙදෙයි. ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හෝ වෙනත් දේශපාලනඥයකු එම උත්සවයට සහභාගීවන බවට තමන් දැනුම්වත් කර නොතිබූ බවද විශ්ව විද්‍යාල පාලනාධිකාරිය පවසයි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය පී.ඩබ්ලිව් ඈපාසිංහ, උප කුලපති මහාචාර්ය අතුල සේනාරත්න, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් පරාක්‍රම රනේපුර, වෛද්‍ය පිඨයේ පිඨාධිපති වෛද්‍ය එම්.ඩී. ලමාවංශ, දන්ත වෛද්‍ය පිඨයේ පිඨාධිපති මහාචාර්ය උපුල් දිසානායක සහ අනෙකුත් පීඨාධිපති වරුන්ගේ ප්‍රධානත්වයෙන් වෛද්‍ය පීඨයේ අලුතින් ඉදි කළ පශ්චාත් වෛද්‍ය උපාධි ගොඩනැගිල්ල අද විවෘත කෙරිණි.
මෙම උත්සවය විවෘත කිරීමට ජනාධිපති හෝ කිසිදු දේශපාලනඥයෙක් සම්බන්ද වුවහොත් එය ට විරෝධය දැක්විම සඳහා සිසුහු ගලහ මංසන්දියේ සහ ඉංඡිනේරු පීඨය අසල රැස්වි සිටියහ. මහා ශිශ්‍ය සංගමයේ සභාපති ලසාන් අරුණ මහතා පැවසුයේ දැනට අධ්‍යන කටයුතු මාසයකට කලින් ආරම්භ කරන ලද ගොඩනැගිල්ලක් විවෘත කිරීමට යන බව හා නේවාසිකාගාර විවෘත කළද ඒවා තුළ මේස පුටු අාදි කිසිවක් නොමැතිව එය විවෘත කිරිමට යන බවයි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසන්නේ මෙම ගොඩනැගිලි මින් පෙර විවෘත නොකළ බවයි. නේවාසිකාගාරද සම්පුර්ණ කර ඇති බවත් ඕනෑම කෙනෙකුට එය නැරඹිය හැකි බවත් එ මහතා පවසයි.













