විශ්ව විද්‍යාල වසා දමා වසරකට ආධික කාලයක් ගත වුවද ඒ්වා නැවත විවෘත කිරීමට රජයට කිසිදු සැලසුමක් නැතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ගයාන් අකිල ජයතිලක මහතා කියයි.
විශ්ව විද්‍යාල නැවත විවෘත කිරීමටත් මහපොළ ශිෂ්‍යාධාර සම්බන්ධ ගැටළු විසඳීමටත් ආණ්ඩුවට කිසිදු අවශ්‍යතාවයක් නැතැයි ද සභාපතිවරයා පවසයි.
රාජ්‍ය ආයතන,කර්මාන්තශාලා සහ වෙනත් ආයතනවල වැඩ යළි ආරම්භ කර මාස කීපයක් ගත වි ඇතත් විශ්ව විද්‍යාල විවෘත කිරීමට රජයට අවශ්‍යතාවක් නැතැයි ද හෙතෙම සඳහන් කරයි.

