පේරාදෙණි මහදුරකුට ගහලා
පේරාදෙණි සිසුන් පිරිසකගේ පහර කෑමට ලක්වූ මහාචාර්ය ශාන්ත හෙන්නායක රෝහලට ඇතුළු කළ බව පේරාදෙණිය පොලිසිය කියයි.තවත් ආචාර්යවරුන් තිදෙනෙක් ද පහර කෑමට ලක් වූහ. සිසුන් රජයට එරෙහිව උද්ඝෝෂණ සංවිධානය කරද්දී භූගෝල මහාචාර්යවරයා ඇතුළු පිරිස අධ්‍යයන කටයුතුවල යෙදී සිටීම නිසා පහරදී ඇතැයි පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වේ.

