පේරාදෙණි ඉංජිනේරු පීඨය දින නියමයක් නැතිව වසා දමයි


(චමිල් රූපසිංහ)

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය දින නියමයක් නොමැතිව වසා දැමීමට විශ්ව විද්‍යාල පාලක සභාව තීරණය කර ඇත.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් විසින් සියයට 80 පැමිණීම විභාග වලට පැමිණීම සුදුසුකමක් ලෙස විශ්ව විද්‍යාලය තිරණය කිරිමට එරෙහිව විශ්ව විද්‍යාල ඉංජිනේරු පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් සනාතන මන්දිරය වට කර සති තුනක් පමණ වන අතර දිගින් දිගටම මේ තත්වය හේතුකර ගෙන මෙම තීරණයට එළඹුණු බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාලක සභාව පවසයි.

ඒ හේතුවෙන් අද (17) පස්වරු 2 න් පසු විශ්ව විද්‍යාල ඉංජිනේරු පීඨයේ සියලුම සිසුන් විශ්ව විද්‍යාලයෙන් ඉවත් විය යුතු බවත් 2 න් පසු ඉංජිනේරු පීඨයේ සිසුන්ට විශ්ව විද්‍යාල භුමිය තහනම් කලාපයක් වන බවද පාලක සභාව පවසයි.

නැවත ඉංජිනේරු පීඨය ඇරඹෙන දවස දැනුම් දෙන බවද පාලක සභාව පවසයි.