පේරාදෙණි සිසුහු වීදි බසිති


පේරාදෙණිය සරසවියේ භික්ෂු සිසුන් ඇතුළු සිසුන් පිරිසක් රතු හා කළු කොඩි ඔසොවාගෙන සටන් පාඨ කියමින් ගලහ හන්දියට පැමිණ ඇතත් පොලිසිය මාර්ග බාධක හා සර්ටිනා කටුකම්බි රවුම් දමා ඔවුන්ගෙ ගමන් මග අවහිර කැර ඇත. කැරැලි මර්දන පොලිසිය හා යුද හමුදාව අවට ස්ථාන ගත කැර ඇත. රජයේ සරසවි පිළිවෙතට එරෙහිව මේ උද්ඝෝෂණය පැවැත්වේ.