පේදුරුතුඩුව කළපු රක්ෂිතයේ ‘මානා පක්ෂින්‘ මැරූ පුද්ගලයෙක් අත්අඩංගුවට


(සිතුම් චතුරංග)


පේදුරුතුඩුව නගර්කෝවිල් කළපු රක්ෂිත ප‍්‍රදේශයේදී සංචාරක පක්ෂි විශේෂයක් වන මානා පක්ෂීන් 26 දෙනකු මරා මස් පිණිස රැගෙනයමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවටගත් බව පේදුරුතුඩුව පොලිසිය කියයි.


       මරාදැමුණු පක්ෂීන් රැගෙන යතුරු පැදියකින් ගමන්කරන පුද්ගලයකු පිළිබඳ පේදුරුතුඩුව පොලිස් ස්ථානයට ලැබුණ තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරු හා පක්ෂීන් රැගෙනගිය යතුරු පැදියද අත්අඩංගුවටගත් බව පැවැසීය.


       සැකකරු විසින් මරාදැමුණු පක්ෂියා වනසත්ව හා වෘක්ෂලතා අඥාපනත යටතේ ආරක්ෂිත සත්වයකු බව පැවසේ.  


       මරාදැමුණු සංචාරක පක්ෂියකුවන මානා පක්ෂීන් විශේෂය වර්ගයා බෝ කිරීම සඳහා මෙරටට පැමිණ කළපු ආශ‍්‍රිතව සිටින බවත් පැටවුන් බිහිවීමෙන් අනතුරුව යළි මව් රටට ගමන් කරති.


       පොලිසිය පැවසූයේ සැකකරු කළපුව ආශ‍්‍රිතව ධීවර රැකියාව සිදුකරන මුවාවෙන් උගුල් අටවා පක්ෂින් දඩයම් කර ඇති බවයි.
       අත්අඩංගුවටගත් සැකකරු අම්බාල් කුඩත්තනේ පදිංචි වයස අවුරුදු 23ක තරුණයෙකි.


       සැකකරු පේදුරුතුඩුව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය