
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී සහය පළ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 92 ක් අද (30) ඒකමතිකව තීරණය කරනු ලැබූහ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් ජනාධිපති මන්දිරයේදී පැවති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මන්ත්‍රීවරු මෙම එකඟතාවය පළ කළහ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමේ යෝජනාව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ඉදිරිපත් කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා එම යෝජනාව ස්ථීර කර තිබේ.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකත්වය දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී ක්‍රියා කරන බවට මෙම කණ්ඩායම් රැස්වීමේදී ප්‍රතිඥා දී ඇත.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට පක්ෂව එහි විධායක සභාවේදී ඡන්දය ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන් මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගී වී නොසිටි අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගී වීමට නොහැකි බව දැනුම් දී තිබුණි.
වන ජීවී සහ වන සම්පත් අංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද මෙම කණ්ඩායම් රැස්වීමට සහභාගී වී සිටියාය.


